අප්‍රේල් 01දා සිට සැප්තැම්බර් 30 වනදා දක්වා කල් ඉකුත් වන සියලු රියදුරු බලපත්‍රවල වලංගු කාලය, කල් ඉකුත් වන දිනයේ සිට තවත් මාස 6 ක් සඳහා වලංගු බව මෝටර් රථ ප්‍රවාහන කොමසාරිස් ජනරාල් සුමිත් අලහකෝන් මහතා ප්‍රකාශ කළා.
එසේම, මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ නාරාහේන්පිට සහ වේරහැර කාර්යාල මගින් ලබාදෙන සේවාවන් තවදුරටත් තාවකාලිකව නතර කර දැමීමට ද ඊයේ පියවර ගැනුණා.
නැවත සියලු සේවාවන් ආරම්භ කරන දිනය ඉදිරියේදී දැනුම් දෙන බව ද මෝටර් රථ ප්‍රවාහන කොමසාරිස් ජනරාල්වරයා සඳහන් කළා.

