කොවිඩ් -19 වෛරසය ආසාදනය වී සිටි තවත් පුද්ගලයින් සිව් දෙනෙක් මියගොස් ඇති බව සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල්වරයා අද (24) දිනයේ තහවුරු කළා.
ඒ අනුව කොවිඩ් වෛරසය ආසාදනයවීමෙන් මෙරටදී මියගිය සමස්ත රෝගීන් සංඛ්‍යාව 638 ක් දක්වා ඉහළ යනවා.
එලෙස මියගොස් ඇත්තේ, නිට්ටඹුව ප්‍රදේශයේ පදිංචි 35 හැවිරිදි පිරිමි පුද්ගලයෙක්, පන්නිපිටිය ප්‍රදේශයේ පදිංචි 40 හැවිරිදි පිරිමි පුද්ගලයෙක්, වත්තල ප්‍රදේශයේ පදිංචි 18 හැවිරිදි කාන්තාවක් සහ මහරගම ප්‍රදේශයේ පදිංචි 71 හැවිරිදි කාන්තාවක්.

