බීමත්ව රිය පදවන අයට ඇප නැත

රථ වාහන සම්බන්ධයෙන් විශේෂ මෙහෙයුමක් අද (14) පෙරවරු 09 සිට හෙට (15) පෙරවරු 6.00 දක්වා ක්‍රියාත්මක කරන බව පොලිසිය පවසනවා.

පොලිස්පතිවරයාගේ විශේෂ නියෝගයක් පරිදි මෙම විශේෂ මෙහෙයුම ක්‍රියාත්මක වන බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක, නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා සඳහන් කළේ. බීමතින් රිය පදවා යම් අයෙකු අත්අඩංගුවට ගැනීමක් සිදුකළහොත්, අදාළ පුද්ගලයාගේ වාහනය පොලිස් භාරයට ගන්නා බවත් නඩු පැවරීමට කටයුතු කරන බවත් පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කළා.

එමෙන් ම, ඔවුන්ට සාමාන්‍ය පොලිස් ස්ථානවලින් ඇප ලබා නොදෙන බව ද අජිත් රෝහණ මහතා ප්‍රකාශ කළා.