ඉන්දියාවේ කොරෝනා ආසාදිතයින් වාර්තාගත ලෙස වැඩිවේ

කොවිඩ් -19 ආසාදිතයින් වාර්තාගත ලෙස ඉහළ යමින් පවතින ඉන්දියාවෙන් ගතවූ පැය 24 තුළ නව ආසාදිතයින් 145,384 දෙනෙකු හදුනාගෙන තිබේ.

වෛරස ව්‍යාප්තිය ආරම්භවීමෙන් පසු එරටින් දිනක් තුළ වාර්තා වූ වැඩිම ආසාදිතයින් සංඛ්‍යාව මෙය බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

මරණ 794 ක් ද සිදුව තිබේ.