බුද්ධ ශාසන ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍යංශය මගින් භික්ෂුන් වහන්සේට රියැදුරු බලපත්‍ර ලබා දීමට පියවර ගෙන ඇති බව සඳහන් අයදුම්පතක් සමාජ මාධ්‍ය ජාලවල හුවමාරු වීමේ සිද්ධියක් සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විශේෂ විමර්ශනයක් ආරම්භ කර තිබෙනවා.
විහාරාධිපති, පරිවේණාචාර්ය හා පාඨශාලාචාර්ය තනතුරු දරන භික්ෂුන් වහන්සේට පමණක් එම රියදුරු බලපත්‍ර ලබා ගැනීම සඳහා ඉල්ලුම් කිරීමට හැකි බව එම අයදුම්පතෙහි සඳහන්.

