වෙඩි තැබීමකින් නයිජර් රාජ්‍යයේ 58ක් මරුට

නයිජර් – මාලි දේශසීමාව ආසන්නයේදී තුවක්කුකරුවන් පිරිසක් විසින් පුද්ගලයින් 58 දෙනෙකු ව ඝාතනයකර ඇති බව විදෙස් මාධ්‍ය පවසයි.

එරට තිලබරි කලාපයේ ‍වෙළෙඳපොළක සිට මිනිසුන් ප්‍රවාහනය කරමින් තිබු වාහන 04කට එම ප්‍රහාර එල්ලකර තිබුණි.

එම ප්‍රහාරයේ වගකීම මෙතෙක් කිසිවෙකුත් භාරගෙන නොමැති බව වාර්තා වේ.

මෙම ඝාතන හේතුවෙන් රට තුළ දින 3ක ශෝක කාලයක් නිවේදනය කිරීමට නයිජර් පාලකයින් ක්‍රියාකර තිබේ.