පොල් ගස් කැපීම නතර කිරීමට නව නීති

අවසරයකින් තොරව පොල් ගස් කැපීම නතර කිරීම සඳහා ඉදිරියේදී නව නීති හදුන්වාදෙන බව වැවිලි කර්මාන්ත අමාත්‍ය රමේෂ් පතිරණ මහතා පවසයි.

අමාත්‍යවරයා පෙන්වා දෙන්නේ මෙරට පොල් සඳහා ජාත්‍යන්තර වෙළෙඳපොළේ විශාල ඉල්ලුමක් පවතින බැවින් රට තුළ ද පොල් මිල ඉහළ ගොස් ඇති බවය.