බදුල්ල පිළිකා ඒකකයේ කොවිඩ් පොකුරේ තවත් අයෙක් මියයයි

බදුල්ල මහ රෝහලේ පිළිකා වාට්ටුවේ ප්‍රතිකාර ලබමින් සිටියදී කොවිඩ් ආසාදනය වූ බවට හඳුනාගත් රෝගීන් අතුරින් තවත් අයෙකු ඊයේ (07) රාත්‍රීයේ ජීවිතක්ෂකයට පත්ව තිබේ.

මෙසේ මරණයට පත්ව ඇත්තේ පස්සර යූරි වත්තේ පදිංචිව සිටි 62 හැවිරිදි පුද්ගලයෙකි.

කොවිඩ් -19 ආසාදිත මරණ දෙකක් බදුල්ල මහ රෝහලේ පිළිකා ප්‍රතිකාර ඒකකයෙන් මීට පෙර වාර්තා වී තිබුණි.

පසුගිය 05 වනදා එක් මරණයක් සිදුව තිබූ අතර ඊයේ උදෑසන අනෙක් මරණය සිදුව තිබුණි.

බදුල්ල මහ රෝහලේ පිළිකා වාට්ටුවෙන් පසුගිය දිනවල කොවිඩ් -19  ආසාදිතයින් 34 දෙනෙකු හඳුනාගෙන තිබුණි.