රුපියල් 20 නව කාසියක් නිකුත් කරයි

ශ්‍රී ලංකා මහ බැංකුවට වසර 70ක් පිරීම නිමිත්තෙන් රුපියල් 20 නව කාසියක් නිකුත් කරනු ලැබුවා.

එය මාර්තු 03වනදා සිට මුදල් සංසරණයට එකතු කෙරෙන බව ශ්‍රී ලංකා මහ බැංකුව නිවේදනය කර තිබෙනවා.

ඒ අනුව කාසි මිලියන 05ක් ලබන මාර්තු 03වනදා සිට මුදල් සංසරණයට එක් කිරීමට නියමිතයි.

මෙම කාසිය පැති 07ක් සහිත හැඩයකින් යුතුව නිකල් තවරා, වානේවලින් නිෂ්පාදනය කර තිබෙනවා.