කටුනායක ගුවන් තොටුපොළේ 1500කට කොරෝනා එන්නත ලබාදෙයි

කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපළ තුළ සේවය කරන සේවකයින් සහ නිලධාරීන් 1500 දෙනෙකුට අද දින වනවිට කොරෝනා මර්දනය සදහා එන්නත් ලබා දී ඇති බව සීමාසහිත ගුවන් තොටුපළ සහ ගුවන් සේවා සමාගමේ අලෙවි කළමනාකරණ සහ ආයතනික සන්නිවේදන අංශයේ ප්‍රධානී සුමිත් ද සිල්වා පවසනවා.

ඒ අනුව සීමාසහිත ගුවන් තොටුපළ සහ ගුවන් සේවා සමාගමේ විවිධ ක්ෂේත්‍ර වල සේවය කරන සේවකයින් සහ නිලධාරීන්ට ද , ගුවන් තොටුපළ ආරක්ෂක රාජකාරී වල නිරත වී සිටින ශ්‍රී ලංකා යුධ හමුදා, ගුවන් හමුදා, පොලිස්, අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව, ආගමන විගමන දෙපාර්තමේන්තුව, ශ්‍රී ලංකා රේගුව, තීරු බදු රහිත සාප්පු සංකීර්ණයේ සේවකයින්, ගුවන් තොටුපළ පිරිසිදු කිරීමේ නියැලී සිටින නිලධාරීන් වෙත ද මෙම එන්නත් ලබා දී ඇත.

මෙම එන්නත් ක්‍රියාවලිය ඉකුත් 17 වෙනිදා දින කටුනායක ගුවන් තොටුපළ පරිශ්‍රය තුළ දී ආරම්භ කළ අතර එන්නත් ලබා දී නොමැති ඉතිරි සේවකයින් සහ නිලධාරීන් වෙත ඉදිරි දින වලදී මෙම කොරෝනා මර්දන එන්නත් ලබා දීමට නියමිතයි.

නෙත් නිවුස් – ටී.කේ.ජී.කපිල