කොළඹ නගරය තුළ රෝගීන් දෙදෙනෙකුගෙන් කොවිඩ් -19 වෛරසයේ විකෘති ප්‍රභේදයක් හඳුනාගෙන ඇති බව කොළඹ මහනගර සභාවේ ප්‍රධාන වෛද්‍ය නිලධාරී, වෛද්‍ය රුවන් විජයමුණි මහතා පවසයි.
ඒ අනුව වෛද්‍ය රුවන් විජයමුණි මහතා පෙන්වා දෙන්නේ ජනතාව සෞඛ්‍ය උපදෙස් අනුගමනය නොකර තවදුරටත් ආරක්ෂාකාරී ලෙස කටයුතු නොකර සිටියහොත් කොවිඩ් 3වන රැල්ලක් ඇතිවීම වැළැක්වීම අපහසුවන බවය.

