කොවිඩ් මරණ ගණන 379ක් දක්වා ඉහළට

අද (11) කොවිඩ් මරණ 04ක් වාර්තා වී ඇති බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය අසේල ගුණවර්ධන මහතා පවසයි.

ඒ අනුව මෙරටින් වාර්තා වී ඇති කොවිඩ් ආසාදිත මරණ ගණන 379කි.

මෙලෙස මියගොස් ඇත්තේ කොළඹ 05 ප්‍රදේශයේ පදිංචිව සිටි 83 හැවිරිදි පිරිමි පුද්ගලයෙක්, කොටහේන ප්‍රදේශයේ පදිංචිව සිටි 70 හැවිරිදි කාන්තාවක්, කොළඹ 13 ප්‍රදේශයේ පදිංචිව සිටි 42 හැවිරිදි කාන්තාවක් සහ උඩතලවින්න ප්‍රදේශයේ පදිංචිව සිටි 64 හැවිරිදි කාන්තාවකි.