අද (08) සිට අත්‍යවශ්‍ය පරිභෝජන භාණ්ඩ 27ක් ස්ථාවර මිල ගණන් යත්තේ පාරිභෝගික ජනතාව වෙත ලබාදීමට වෙළෙඳ අමාත්‍යාංශය පියවර ගෙන තිබෙනවා.
සතොස, සමූපකාර සහ කියු ෂොප් අලෙවිසැල් හරහා එම භාණ්ඩ ලබා දීමට නියමිත බවයි වෙළෙඳ අමාත්‍යාංශ පවසන්නේ.
කොළඹ පැවති මාධ්‍ය හමුවට එක්වෙමින් අමාත්‍යවරයා පසුගිය සතියේ සඳහන් කළේ අදාළ මිල ගණන් යටතේ ලැබෙන පාරිභෝගික සහන පිළිබදව පාරිභෝගික අධිකාරිය මගින් අඛණ්ඩව නිරීක්ෂණය කරන බවයි.


