මෙරටින් වාර්තා වන කොවිඩ් මරණ අතරින් මරණ 200ක් වයස අවුරුදු 60 ඉක්මවූ පුද්ගලයින් බව සෞඛ්‍ය අංශ පවසති.
ඊයේ (28) දිනයේදී ද මරණ 7ක් වාර්තා වූ අතර එම පුද්ගලයින් 7දෙනා අවුරුදු 61 ත් 76 ත් අතර වයස් කාණ්ඩවල පසුවන්නන් වේ.
ඒ අනුව මෙරට සමස්ත කොවිඩ් – 19 මරණ 297ක් සිදුව ඇති අතර ඉන් කොවිඩ් දෙවන රැල්ලේ ව්‍යාප්තියත් සමග සිදුවූ මරණ සංඛ්‍යාව 284කි.
මේ අතර මෙරට සිදුවූ කොවිඩ් මරණවලින් වයස අවුරුදු 41ත් 60ත් අතර මරණ 72 ක් සිදුව තිබේ.මීට අමතරව වයස අවුරුදු 10 ත් 40ත් අතර මරණ 35 ක් සිදුව ඇති අතර වයස අවුරුද 10ට අඩු එක් මරණයක් පමණක් වාර්තා වී ඇත.

