කොරෝනා වැළදු කෙනෙක් නම් පුරුෂ සරුභාවයට බලපෑම්ක්

කොවිඩ් -19 වැළඳී දැඩි ලෙස අසාධ්‍ය තත්ත්වයට පත්වුවහොත් එමගින් පුරුෂයින්ගේ “සරු” බවට ගැටලු මතුවිය හැකිබවට පර්යේෂකයෝ පවසති. 

එහි බලපෑම ශුක්‍රාණු වල සරු තත්ත්වයට බලපාන බව “Journal Reproduction” නම් සඟරාවේ පළකර තිබේ.

“කොවිඩ් -19 වැළඳීම හේතුවෙන් ශුක්‍රාණු වල තත්ත්වය අහිතකර බලපෑමක් ඇතිවීමත් පුරුෂ සඵලතාවයට ගැටලු ඇතිකරනවා,” එම පර්යේෂණ වාර්තාව පවසයි.

නමුත් එම පර්යේෂණයට සහභාගී නොවූ විශේෂඥයින් පවසන්නේ එම පර්යේෂණයේ ප්‍රතිඵල ගැන කලබල නොවන ලෙසය.    

මෙම පර්යේෂණයේදී කොවිඩ් ආසාදිත නොවූ සරු පුරුෂයින් 105 ගේ ශුක්‍රාණු සහ කොවිඩ් ආසාදිත සරු පුරුෂයින් 84ක ගේ ශුක්‍රාණු දින 10ක කාල පරාසයක් සහිතව දින 60ක් සංසන්දනය කර තිබුණි.