කොළඹ ආසාදිතයින්ගේ වැඩිවීමක්

කොළඹ දිස්ත්‍රික්කයේ දෛනික කොවිඩ් -19 වෛරස ආසාදිතයින් සංඛ්‍යාව 400 ඉක්මවා ගොස් තිබේ.

කොවිඩ්-19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මාධ්‍යස්ථානය පැවසුවේ අද (25) පෙරවරු 6න් අවසන් වූ පැය 24ක කාලය තුළ කොළඹ දිස්ත්‍රික්කයෙන් ආසාදිතයින් 480 දෙනෙකු හඳුනාගෙන ඇති බවය.

එම දිස්ත්‍රික්කයෙන් සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාස 41කින් මෙම ආසාදිතයින් වාර්තා වී ඇති අතර ඒ අතරින් කොම්පඤ්ඤවීදිය, නාරාහේන්පිට, වැල්ලවත්ත, කුරුඳුවත්ත, මරදාන, ගොතටුව, ගල්කිස්ස සහ වැල්ලම්පිටිය යන සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාස ආසාදිතයින් 20 ඉක්මවූ සංඛ්‍යාව බැගින් හඳුනාගෙන තිබේ.