මරණ 280 දක්වා ඉහළට

වාර්තාවන සමස්ත මරණ සංඛ්‍යාව 280ක් දක්වා ඉහළ යනවා.

මෙලස මියගොස් ඇත්තේ 69 හැවිරිදි පිරිමි පුද්ගලයෙක් සහ 82 හැවිරිදි කාන්තාවක්.

ගල්කිස්ස ප්‍රදේශයේ පදිංචි පිරිමි පුද්ගලයා කොළඹ පෞද්ගලික රෝහලක සිට කොරෝනා ආසාදිතයෙකු ලෙසට හඳුනා ගැනීමෙන් පසු හෝමාගම මූලික රෝහලට මාරුකර යවා තිබුණා.

එහිදී ඊයේ මියගොස් ඇති මෙම පුද්ගලයාගේ මරණයට හේතුව ලෙසට දැක්වෙන්නේ කොවිඩ් නිව්මෝනියාව සහ වකුගඩු ආසාදනයයි.

මියගිය කාන්තාව රනාල ප්‍රදේශයේ පදිංචිකාරියක්.

ඇය කොවිඩ් 19කොරෝනා ආසාදිතයෙකු ලෙසට හඳුනා ගැනීමෙන් පසු කොළඹ ජාතික රෝහලේ සිට හෝමාගම මූලික රෝහලට මාරුකර යවා තිබෙනවා.

එහිදී ඊයේ මියගොස් ඇති අතර ඇයගේ මරණයට හේතුව ලෙසට දක්වා ඇත්තේ කොවිඩ් නිව්මෝනියාව සහ වකුගඩු රෝගී තත්වයයි.