අමෙරිකානු ඩොලරයේ විකුණුම් මිල අද රුපියල් 199 සීමාව දක්වා පැමිණියා.
ශ්රී ලංකා මහබැංකුව මගින් ප්රකාශිත විනිමය අනුපාත අනුව අමෙරිකානු ඩොලරයක විකුණුම් මිල සටහන් වූයේ රුපියල් 199.18 ක් ලෙසයි.
කෙසේ වෙතත්, වාණිජ බැංකු කිහිපයක දෛනික විනිමය අනුපාත අනුව අද දිනයේදී ඩොලරයක විකුණුම් මිල රුපියල් 200 සීමාව ඉක්මවා තිබුණා.

