WhatsApp සිය මව් සමාගම වන Facebook සමඟ බෙදාගන්නා දත්ත පිළිබඳව පරිශීලකයන්ගේ විශාල ව්‍යාකූලත්වයක් ඇතිවීමෙන් සමගම එහි රහස්‍යතා ප්‍රතිපත්තිය තාවකාලිකව ප්‍රමාද කර තිබෙන බව විදෙස් මාධ්‍ය සදහන් කරනවා.ඒ බොහෝ දෙනා WhatsApp වලින් ඉවත් වීමද විය හැකි.
පසුගිය මාසයේදී, WhatsApp විසින් ඉදිරිපත් කළ සේවා කොන්දේසි සහ එහි රහස්‍යතා ප්‍රතිපත්තිය පරිශීලකයින්ට දැනුම් දීම ආරම්භ කළ අතර, පෙබරවාරි 8 න් පසුව යෙදුම දිගටම භාවිතා කිරීම සඳහා ඒ සඳහා එකඟ විය යුතු වනවා. එහි එක් විශේෂිත කොටසක සඳහන් Facebook සමඟ එකතු කරන සහ බෙදාගන්නා දත්ත මොනවාද යන්න සහ පෞද්ගලිකත්වය පිළිබඳව ද , WhatsApp පාවිච්චි කරන්නන් අතර බොහෝ වශයෙන් කසු කුසුවක් ඇති වුණා.
මේ හේතුවෙන් ටෙලිග්‍රෑම් සහ සිග්නල් වැනි තරඟකාරී යෙදුම් වෙත විශාල පරිශීලකයින් යොමු වීමට හේතු වී තිබෙන බවද වාර්තා වී තිබෙනවා.
ධනුජය රත්නායක

