චීනය නැවතත් වසාදමයි

මිලියන 11ක පමණ ජනගහනයක් ජීවත්වන “ශිජිආශුආන්ග්” නගරයක් වසා දැමීමට චීනය කටයුතු කර තිබේ.

එම නගරයෙන් කොවිඩ් ආසාදිතයින් 100කට අධික පිරිසක් හඳුනාගැනීමෙන් අනතුරුව එම තීරණය ගෙන ඇති බව විදෙස් මාධ්‍ය පවසයි.

පාසල් වසාදමා ඇති අතර නගරවාසීන්ට නගරයෙන් පිටතට යාම තහනම් කර ඇත.

සියලුම නගරවාසීන්ට කැමතිනම් පරීක්ෂණ කර ගැනීම සඳහා ස්ථාන 5,000ක් සූදානම් කර ඇති බව සඳහන් වේ.

මාස කිහිපයකට පසු එරටින් වාර්තා වූ වැඩිම ආසාදිතයින් ගණන වන්නේ ඊයේ වාර්තා වූ 120 වේ.

ඊයේ චීනයේ අනෙකුත් ප්‍රදේශවලින් ආසාදිතයින් 22ක් වාර්තා විණි.