කල්මුණේ ප්‍රදේශයක් හුදෙකලා කරයි

කල්මුණේ ප්‍රදේශය වහාම ක්‍රියාත්මක වන පරිදි ඊයේ සවස සිට හුදෙකලා කිරීමට පොලීසිය කටයුතු කර තිබෙනවා.

කල්මුණේ පොලිස් වසමේ ග්‍රාම සේවා වසම් 11ක් ඇතුලත් වන පරිදි සෙයිලාන් පාරේ සිට තානායම දක්වා ද, දෙමළ මුස්ලිම් ප්‍රදේශයන් කල්මුනේ පොදු වෙළදපොළ ඇතුලත් ප්‍රදේශ වහාම ක්‍රියාත්මක වන පරිදි මෙලස හුදෙකලා ප්‍රදේශයක් ලෙස නම් කළ බවයි පොලීසිය පැවසුවේ.

කල්මුණේ ප්‍රදේශයේ කොවිඩ් ආසාදිතයින් ඉහළ යාමත් සමඟම මෙළෙස හුදෙකලා කිරීමට කටයුතු කර තිබෙනවා.