උතුරු, නැගෙනහිර, උතුරු-මැද සහ ඌව පළාත්වලත් මාතලේ සහ නුවරඑළිය දිස්ත්‍රික්කවලත් වැසි සහිත කාලගුණික තත්ත්වය තවදුරටත් බලාපොරොත්තුවෙන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව අද (28) උදෑසන නිකුත් කළ අනාවැකියෙන් පෙන්වා දෙයි.
ඇතැම් ස්ථානවලට මි.මී. 100ක පමණ තදවැසි ද ඇතිවිය හැකිය.
සෙසු ප්‍රදේශවල විශේෂයෙන්ම සවස 1.00න් පමණ පසුව තැනින්තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවේ. මෙම ප්‍රදේශවල ඇතැම් ස්ථානවලට මි.මී. 75 ට වැඩි තරමක තදවැසි ඇතිවිය හැකිය.
ගිගුරුම් සහිත වැසි සමග ඇතිවිය හැකි තාවකාලික තද සුළංවලින් සහ අකුණු මඟින් සිදුවන අනතුරු අවම කරගැනීමට අවශ්‍ය පියවරගන්නා ලෙස ජනතාවගෙන් ඉල්ලීමක් ද කරයි.

