දිස්ත්‍රික්ක 11 ක ප්‍රදේශ 12 ක් තවදුරටත් හුදෙකලා කර ඇත

දිවයිනේ දිස්ත්‍රික්ක 11 ක පොලිස් බල ප්‍රදේශ 12 ක් තවදුරටත් හුදෙකලා තත්ත්වයේ පවතින බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති නීතිඥ අජිත් රෝහණ මහතා පවසනවා.

ඒ අනුව අදාළ හුදෙකලා ප්‍රදේශවලින් කිසිවෙකුට පිටවීම සහ ඇතුළු වීම තහනම් වන බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කළේ.