සෞදි අරාබිය වෙත පැමිණෙන ගුවන්ගමන් තාවකාලිකව අත්හිටුවයි

සෞදි අරාබිය වෙත පැමිණෙන සියලු ජාත්‍යන්තර ගුවන්ගමන් අත්හිටුවා තිබේ.

ඒ අනුව සතියක කාලයක් සදහා මෙලෙස ගුවන් ගමන් අත්හිටුවීමට පියවර ගත් බව එරට සිවිල් ගුවන් සේවා අධිකාරිය සඳහන් කරයි.

කොවිඩ් නයින්ටීන් වසංගත ව්‍යාප්තිය සැලකිල්ලට ගනිමින් රටේ ජනතාවගේ මෙන්ම විදේශිකයින්ගේ ආරක්ෂාව තහවුරු කිරීමේ අරමුණින් එම පියවර ගත් බව එරට බලධාරීන් පවසයි.

කෙසේවෙතත් සෞදි අරාබියේ සිට වෙනත් රටවල් සඳහා සිදුකෙරෙන ගුවන්ගමන් වාර තවදුරටත් ක්‍රියාත්මක පවතින බව විදෙස් මාධ්‍ය වාර්තා කළේය.