නුවරඑළිය නගරයේ සංචාරය සඳහා පිට පළාත්වලින් පිරිස් පැමිණීමේදී අදාළ ප්‍රදේශයේ මහජන සෞඛ්‍ය පරීක්ෂකවරයාගේ ලිඛිත අවසරය ලබාගැනීම අනිවාර්ය කර තිබෙනවා.
කොවිඩ්-19 වෛරසය ශීත දේශගුණික තත්වය මත ව්‍යාප්තවීමේ අවදානමක් ඇති බැවින් එය වැළැක්වීමේ පියවරක් ලෙස මෙම තීරණය ගත් බවයි නුවරඑළිය නගරාධිපති චන්දන ලාල් කරුණාරත්න මහතා සඳහන් කළේ.
ඒ අනුව නගරයට පැමිණෙන පිරිස් කිසිම අවස්ථාවක නිරෝධායනය නොවූ බවට ප්‍රදේශය භාර මහජන සෞඛ්‍ය පරීක්ෂකවරයා විසින් තහවුරු කල යුතු වනවා.
අදාළ ලිඛිත අනුමැතිය නොමැතිව කිසිදු අයෙකුට නුවරඑළියේ කිසිදු නවාතැන්පොළක නවාතැන් නොදෙන ලෙසට දැනුම් දී ඇති බවයි නුවරඑළිය මහ නගර සභාවේ නගරාධිපති චන්දන ලාල් කරුණාරත්න මහතා ප්‍රකාශ කළේ.

