වාලච්චේන පුනානි නිරෝධායන මධ්‍යස්ථානයේ ප්‍රතිකාර ලබා යන අතරේ එහි දේපළ සොරාගත් 04දෙනෙකු වාලච්චේන පොලිසිය මගින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. මොවුන් එම මධ්‍යස්ථානයේ ප්‍රතිකාර ලබා පසුගිය 12 වැනි දින ඉන් පිටව යන අතර ඒ මෙම භාණ්ඩ ද සොරාගෙන ගොස් ඇති බවයි පොලිසිය පැවසුවේ.
මොවුන් කොම්පඤ්ඤවීදිය සහ මස්කෙළියේ පදිංචිකරුවන් බවද පොලිසිය ප්‍රකාශ කළා.
වාලච්චේන පොලිසියට ලැබුණු තොරතුරු අනුව මෙම සැකකරුවන් සිව්දෙනා වාලච්චේනිය දී ඊයේ අත්අඩංගුවට ගෙන ඇති අතර වාලච්චේන අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව මෙම මාසයේ 18 වැනි දින දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කර තිබෙනවා

