විවේචන වලින් තමයි මට චරිතය ගොඩනගාගන්න උපකාර වුනේ

මේ දවස්වල ස්වර්ණවාහිනියේ තිරගත වෙන “හදවතේ කතාවේ” ටෙලි නාට්‍යයේ ප්‍රසිද්ධ චරිතයක් තමයි තරණි මනෝරා කියන්නේ. හැබැයි ගොඩක් අය නම් මෙයාව දන්නේ අචිනි කිව්වම. ඉතින් හරිම නිහතමානී කෙල්ලෙක් තමයි තරණි කියන්නේ.

තරණි මොකද වෙන්නේ ?
හොදින් සතුටින් ඉන්නවා.

පවුලේ පොඩි විස්තරයක් ගැන කිව්වොත් ?
අම්මයි තාත්තයි මල්ලී මමයි තමයි පවුලේ ඉන්නේ.

රංගන ක්ෂෙත්‍රයට පිවිසුණේ ?
රංගන ක්ෂෙත්‍රයට එකතු වෙන්නෙ වෙලඳ දැන්වීමක් හරහා ලැබුනු අවස්ථාවකින්, මීට පෙර නිරූපන ක්ෂේත්‍රයේ කටයුතු වලත් නියැලී සිටියා, මේ සියල්ල හරහා තමයි රංගන ක්ෂෙත්‍රයට පිවිසෙන්නේ.

මේ දවස්වල ස්වර්ණවාහිනියේ තිරගත වෙන “හදවතේ කතාවේ” ටෙලි නාට්‍යයේ අචිනිට තියන ප්‍රතිචාර කොහොමද ? පොඩි විස්තරයක් කිව්වොත් ?
හදවතේ කතාව නිර්මාණය සමඟ එකතු වීමට ලැබීම හොඳ අවස්ථාවක්. “අචිනි” කියන චරිතය ගත්තොත් ඇය ධනවත් පවුලක ලමයෙක් නමුත් , යම් කිසි ඇබ්බැහි වීමක් මත ඇය රෝගී තත්වයකට මුහුන පානවා, මෙම තත්ත්වය මත ඇය හැසිරෙන ආකාරය, කටයුතු කරන ආකාරය මත තමයි චරිතය ගොඩනැගිලා තියෙන්නේ.

ගොඩක් ⁣හොඳ ප්‍රතිචාර ලැබෙනවා , ඒ වගේම විවේචනත් ලැබෙනවා , ඒ විවේචන තමයි මට චරිතය ගොඩනගාගන්න උපකාර වුනේ. මේ අවස්ථාව තුලින් මම ගොඩක් දේවල් ඉගෙන ගන්නවා , ගොඩක් සතුටුයි මෙම අවස්ථාව ලැබීම පිලිබඳව.අචිනි කියන චරිතය ලැබීම තුල සිට චරිතය ගොඩනගා ගැනීමට මට සහය ලබා දෙන හැම දෙනෙක්ටම ස්තූතියි.

මේ ඔයාගේ පළමු ටෙලි නාට්‍යය නේද ?
ඔව් මේ මගේ පළවෙනි ටෙලි නාට්‍යය. දැනට මට සහභාගී වෙන්න කියලා ටෙලි නාට්‍යය කිහිපයක්ම ආවා. අධ්‍යාපන වැඩත් එක්ක භාර ගත්තේ නැහැ.

ඉදිරියේදී වෘත්තිමය රංගන ශිල්පිනියක්ද?
නෑ මම වෘත්තියෙන් රංගන ශිල්පිනියෙක් නෙමෙයි, මම නීතිඥවරියක් වශයෙන් කටයුතු කිරීමට ඉදිරියේදී බලාපොරොත්තු වෙනවා , දැනට කොළඹ විශ්වවිද්‍යාලයේ නීති පීඨයේ අවසන් වසර නීති ශිෂ්‍යාවක් ලෙස අධ්‍යන කටයුතු වල නිරත වෙනවා.

මට ආරංචියක් ආවා තරණි දගකාර කටකාර කෙල්ලෙක් කියලා ?
සාමාන්‍ය ජීවිතේදී නම් තරමක් දගකාර චරිතයක් තමයි.

ඔයාගේ ආදරණිය රසිකයන්ට කියන්න තියෙන්නේ මොනාද ?
හැමදාම සතියේ දිනවල රෑ 9ට ස්වර්නවාහිනියේ හදවතේ කතාව බලන්න. මගේ චරිතයට මං උපරිම සදාරණයක් කරන්න කටයුතු කරනවා.

ධනුජය රත්නායක