කොවිඩ් නයින්ටීන් වෛරසය ආසාදිතව මියගිය පුද්ගලයින් සංඛ්‍යාව 109 දෙනෙකු දක්වා ඉහළ ගොස් තිබේ.
කොවිඩ් නයින්ටීන් ආසාදිතව සිටි කාන්තාවක් සහ පිරිමි පුද්ගලයෙකු ඊයේ (28) මියගොස් ඇති බව රජයේ ප්රවෘත්ති දෙපාර්තමේන්තුව සඳහන් කළේය.
කොළඹ 02 ප්‍රදේශයේ පදිංචිව සිටි 76 හැවිරිදි පිරිමි පුද්ගලයෙකු කොවිඩ් නයින්ටීන් ආසාදනය සමග අධි රුධිර පීඩන තත්ත්වය උත්සන්න වීමෙන් මියගොස් ඇති අතර ඔහු නිධන්ගත වකුගඩු රෝගියෙකු බවත්, නොවැම්බර් 26 වන දින කොළඹ ජාතික රෝහලට ඇතුළත් කරන විට මියගොස් සිට ඇති බවත් රජයේ ප්රවෘත්ති දෙපාර්තමේන්තුව සඳහන් කළේය.

