වයස 18ක පෙම්වතියගේ චරිතක් නිරූපණය කරන්න බැහැ නේ – දැන් වයසයි

ගෙදරට වෙලා සුවසේ ඉන්නවා. කලාවට හදවතින්ම ආදරෙයි මම. පසුගිය කාලේ නිර්මාණවලින් මට ආරාධනා ලැබුණා. ඒත් සැලකිලිමත් චරිතයක් ලැබුණේ නැති නිසා මම සම්බන්ධ වුණේ නැහැ

සිනමාවට ඔබ නැතිවම බැරි සුවිශේෂී තාරකාවියක්. ඒත් ඔබ සිනමාවට දක්වන දායකත්වය අඩු බවක් අපි දකිනවා?

මම සිනමාවට ලොකු කැමැත්තක් දක්වනවා. මම සම්බන්ධ වුණු චිත්‍රපට කිහිපයක්ම තිරගත වීමට තිබෙනවා. ඉදිරියේදී ඒ සියල්ල තිරගත වෙයි.

සිනමාවේ රජ කරපු, ඔබේ සමකාලීන හිතවතුන් ටෙලිනාට්‍ය කරළියට ඇවිත්. ඔබේ පසුබෑමක් අපි දකිනවා?

ඔව්. මම ටෙලිනාට්‍යයකට අවුරුදු හයකින් විතර සම්බන්ධ වුණේ නැහැ. සැලකිලිමත් විය යුතු චරිතයක් ලැබුණොත් මම සම්බන්ධ වෙනවා. ටෙලිනාට්‍ය දෙකක මම වැඩ භාර ගත්තා. ඒත් කොරෝනා වසංගතය නිසා ඒ සියල්ල කල්ගියා. මම මෙගා ටෙලිනාට්‍යවලට නම් කොහොමත්ම කැමැති නැහැ.

ඔබ සම්බන්ධ වුණු ‘යකඩ පිහාටු’ සිනමා නිර්මාණයේ විශේෂත්වයක් අපි දැක්කා?

යකඩ පිහාටු’ චිත්‍රපටයට මම ගොඩාක් ආශාවෙන් සම්බන්ධ වුණු නිර්මාණයක්. දර්ශන වාර කිහිපයකට පෙනී සිටියත් ප්‍රේක්‍ෂකයන් එය ආදරයෙන් වැලඳ ගත්තා. අදටත් ලැබෙන ප්‍රතිචාර ඒ විදියටම තමයි.

ඔබේ දැන් තිබෙන බාහිර පෙනුමත් එක්ක පෙම්වතියගේ චරිතය නිරූපණය කරන්න බැරිද?

මට වයස අවුරුදු දහඅටේ කෙල්ලගේ පෙම්වතියගේ චරිත රඟපාන්න බැරි වෙයි. නමුත් අවුරුදු හතළිහක පමණ පෙම්වතියගේ චරිත නිරූපණය කරන්න පුළුවන්. මොකද කාලයත් එක්ක අපි දැන් වයසට ගිහින් නේ.

ඔබගේ ඉදිරි සැලසුම් කොයි වගේද?

බාරගත්ත වැඩකටයුතු හමාර කිරීමට තමයි සැලසුම. එයට අමතරව මගේ ව්‍යාපාර කටයුතු හොඳින් කරගෙන පවුලේ අයත් සමඟ සතුටින් ඉන්නවා.

වසන්ත විතාරණගේ