ඉන්දියාවේ මාස 04කට පසුව අඩුම දෛනික කොවිඩ් ආසාදිතයින් සංඛ්‍යාව ඊයේ (16) දිනයේ වාර්තා වී තිබේ.
ඊයේ දිනයේදී එරටින් නව කොවිඩ් නයින්ටීන් ආසාදිතයින් 30,548 දෙනෙකු හඳුනාගෙන ඇති බව විදෙස් වාර්තා සඳහන් කළේය.
ඒ අනුව ඉන්දියාවේ සමස්ථ කොවිඩ් ආසාදිතයින් ගණන 8,874,172ක් දක්වා ඉහළ ගොස් තිබේ.
ඉන්දියාවෙන් ඊයේ නව කොවිඩ් මරණ 435ක් වාර්තාවිමත් සමග එරට සමස්ථ කොවිඩ් මරණ සංඛ්‍යාව 130,559 දෙනෙකු දක්වා ඉහළ ගොස් ඇති බව විදෙස් වාර්තා සඳහන් කළේය.

