මුහුණු ආවරණ නොපැළඳීම සහ සමාජ දුරස්ථභාවය තබා නොගැනීම සම්බන්ධයෙන් මේ වන විට පුද්ගලයින් 137ක් අත්අඩංගුවට ගෙන තිබේ.
පොලිස් මාධ්‍ය ප්‍රකාශක, නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා සඳහන් කළේ, ඊයේ (10) දිනයේ පමණක් පුද්ගලයින් 12 දෙනෙකු අත්අඩංගුවට ගත් බවය.
එමෙන්ම හුදකලා කර ඇති ප්‍රදේශවල සංචරණ සීමා කඩකළ පුද්ගලයින් දෙදෙනෙකු කඳාන ප්‍රදේශයේ දී අත්අඩංගුවට ගෙන තිබේ.
හුදකලා කර ඇති ප්‍රදේශවල ජනතාව එම නීතිරීතීන්ට අනුව කටයුතු කළයුතු බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා වැඩිදුරටත් සඳහන් කළේය.

