කොරෝනා සුවය ලැබූ ගණන 562 දක්වා ඉහළට

කොරෝනා වෛරසය වැළඳී රෝහල්ගතව ප්‍රතිකාර ලැබූ 562ක් අද (08) දිනයේ සම්පූර්ණ සුවය ලබා රෝහල්වලින් පිටව ගිය බව සෞඛ්‍ය අමාත්‍යාංශය සඳහන් කරයි.

ඒ අනුව කොවිඩ් රෝගයෙන් මෙරටදී සුවය ලැබූ සමස්ථ සංඛ්‍යාව 8285ක් බවට පත්ව තිබේ.

ඒ අනුව මෙරටින් වාර්තා වන විශාලතම කොවිඩ් පොකුර වන මිනුවන්ගොඩ පෑලියගොඩ කොවිඩ් පොකුරේ සමස්ත ආසාදිතයින් 9936 දෙනාගෙන් 4000 ඉක්මවූ සංඛ්‍යාවක් මේ වන විටත් සුවය ලබා තිබේ.