කොරෝනා ගැන වසන් කරොත් අවුරුදු 5ක සිර-දඬුවම්

නිරෝධායන නියෝගයකට පටහැනිව කටයුතු කරන හෝ සත්‍ය තොරතුරු වසන්කර යම් ලේඛනවල අසත්‍ය තොරතුරු සටහන් කරන පුද්ගලයින්ට එරෙහිව නිරෝධායන ආඥා පනත යටතේ කටයුතු කිරීමේ හැකියාව ඇති බව නියෝජ්‍ය පොලිස්පති, පොලිස් මාධ්‍ය ප්‍රකාශක අජිත් රෝහණ මහතා පවසයි. රට තුළ පවතින තත්ත්වය හමුවේ ජනතාවගේ තොරතුරු සටහන් කිරීමට ඇති ලේඛනවල කිසියම් පුද්ගලයෙක් අසත්‍ය තොරතුරු සටහන් කරන්නේ නම් එය කූඨ ලේඛන සකස් කිරීමේ වරදට ද යටත් වන බවය.

මෙරට අපරාධ නීතිනේ 399වන වගන්තියේ සඳහන් වන පරිදි අනෙකෙකු ලෙස පෙනී සිටීමෙන් වංචා කිරීමේ වරදට ද ඔහු හෝ ඇය හසුවන බවත් නියෝජ්‍ය පොලිස්පති, පොලිස් මාධ්‍ය ප්‍රකාශක අජිත් රෝහණ මහතා සඳහන් කළේය.

එවැනි අයට විරුද්ධව වසර 05 දක්වා බන්ධනාගාරගත කිරීමකින් දඬුවම් කිරීමට හැකියාවක් ඇති බවද අජිත් රෝහණ මහතා පවසයි.

අද දෙරණ