කොරෝනා වෛරසය විනාශ කළ හැකි මුහුණු ආවරණයක් නිර්මාණය කිරීමට ඇමරිකාවේ මැසචුසෙට් තාක්ෂණ ආයතනයේ විද්‍යාඥයන් සමත්ව තිබෙනවා.
රත්වූ තඹ දැලකින් සමන්විත අදාළ මුහුණු ආවරණය නැවත නැවත භාවිත කළ හැකි වන අතර, සේදීමද අවශ්‍ය නොවන බවයි එම පර්යේෂකයන් පෙන්වා දෙන්නේ.
මෙම නව මුහුණු ආවරණය පැළඳීමෙන් ආශ්වාස කෙරෙන වාතය අදාළ රත්වූ තඹ දැල් හරහා ගමන් කිරීමේදී විනාශ වන අතර, අධික උෂ්ණත්වය හේතුවෙන් ඕනෑම වෛරසයක් අක්‍රිය තත්ත්වයට පත්වන බව සඳහන්.
සෞඛ්‍ය ක්ෂේත්රයේ වෘත්තිකයන්ට සහ පොදු ස්ථානවල සමාජ දුරස්ථභාවය පවත්වා ගැනීමට අපහසු බස් රථ වැනි ස්ථානවලදී භාවිතයට ගත හැකි මුහුණු ආවරණයක් ලෙස මෙය හඳුන්වාදිය හැකි බවයි පර්යේෂකයන් සඳහන් කර ඇත්තේ.
දැනටමත් අදාළ මුහුණු ආවරණයේ මූලකෘති නිර්මාණය කිරීම ආරම්භ කර ඇති අතර, එය ඉතා නුදුරේදීම අත්හදා බැලීමට අපේක්ෂා කරන බව මැසචුසෙට් තාක්ෂණ ආයතනයේ විද්‍යාඥයන් ප්‍රකාශ කර තිබෙනවා.
මෙහි විශේෂත්වය වන්නේ දුරකථන චාජර් එකෙන් නැවත නැවත චාජ් කර භාවිතා කිරීමට හැකි වීමයි

