පාකිස්තානයේ මුස්ලිම් පාසලකට බෝම්බ ප්‍රහාරයක් – 7ක් මරුට

පාකිස්තානයේ පෙෂාවර් නගරයේ පිහිටි ආගමික පාසලකට එල්ල වූ බෝම්බ ප්‍රහාරයකින් 7 දෙනෙක් මියගොස් 120කට වැඩි පිරිසක් තුවාල ලබා තිබේ.

මියගොස් ඇති බොහෝදෙනා වයස අවුරුදු 20ත් 30ත් අතර තරුණයින් බව වාර්තා වේ. තුවාල ලැබූවන් අතර වයස අවුරුදු 13ට අඩු සිව් දෙනෙක් සිටින බව පාකිස්තාන පොලීසිය පවසා තිබෙන බවත් විදෙස් මාධ්‍ය සදහන් කර තිබෙනවා.