ජපානයේ සියදිවි නසා ගැනීම් වැඩි වීමක්

කොරෝනා වසංගත ව්‍යාප්තිය හමුවේ පවතින මානසික සහ සෞඛ්‍යමය හේතූන් පදනම් කර ගනිමින් ජපානයේ සියදිවි නසා ගැනීමේ සිදුවීම් ඉහළ ගොස් තිබේ.

පසුගිය අගෝස්තු මාසයේදී එරට පාසල් ළමුන් සහ කාන්තාවන් අතර සියදිවි නසා ගැනීමේ සිදුවීම් වැඩි වශයෙන් වාර්තා වී ඇති බව සිදුකළ සමීක්ෂණයකින් අනාවරණය වී ඇත.

ඒ අනුව මේ වසරේ ගතවූ කාලය තුළ ජපානයෙන් සියදිවි නසා ගැනීමේ සිදුවීම් 1854 ක් වාර්තා වී ඇති බව සඳහන් වේ.

එය පසුගිය වසරට සාපේක්ෂව 15. 4% වර්ධනයක් වන බව සඳහන් වේ.

කොවිඩ් වසංගත ව්‍යාප්තියත් සමඟ හටගෙන ඇති ආර්ථික අර්බුදය හමුවේ රැකියා අහිමි වීම් හා ඒ ආශ්‍රිතව හටගන්නා ගැටලුකාරී තත්ත්වයන් හේතුවෙන් සියදිවි නසා ගැනීමේ සිදුවීම් වාර්තා වීම ඉහළ අගයක් ගෙන ඇති බව එම සමීක්ෂණයෙන් පෙන්වා දී තිබේ.