18කට සුවයි – 1179 ප්‍රතිකාර ලබයි

කොරෝනා ආසාදිතයින් 18 දෙනෙකු සුවයලබා රෝහල්වලින් පිටව ගොස් තිබේ.

ජාතික බෝවන රෝග විද්‍යායතනය, වැලිකන්ද මූලික රෝහල සහ ඉරණවිල රෝහල යන ස්ථානවලින් ප්‍රතිකාර ලැබූ ආසාදිතයින් පිරිසක් එලෙස පිටවගොස් ඇති බව වසංගත රෝග විද්‍යා අංශය සඳහන් කළේය.

එ‍්, අනුව මෙරට සමස්ථ ආසාදිතයින් 4488ගෙන් ආසාදිතයින් 3296 දෙනෙකු මේවන විට පූර්ණ සුවය ලබා රෝහල්වලින් පිටව ගොස් තිබේ.

මේ අතර, තවත් ආසාදිතයින් 1179 දෙනෙකු රෝහල්ගතව පූර්ණ වෛද්‍ය අධීක්ෂණය යටතේ ප්‍රතිකාර ලබයි.