මාතලේ, අම්පාර , බදුල්ල, අනුරාධපුර කුරුණෑගල , මොණරාගල දිස්ත්‍රික්කවලින් කොරෝනා ආසාදිතයින් හමුවෙයි

නිරෝධායන ඇඳිරි නීතිය ක්‍රියාත්මක ප්‍රදේශවලට අමතරව දිවයිනේ විවිධ දිස්ත්‍රික්ක වලින් කොරෝනා ආසාදිතයින් 16 දෙනෙකු හඳුනාගෙන තිබෙන බව යුද හමුදාපති ලුතිතන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසනවා.

මාතලේ, අම්පාර , බදුල්ල, අනුරාධපුර කුරුණෑගල , මොණරාගල වැනි දිස්ත්‍රික්කවලින් මේ වනවිට කොරෝනා අසාදිතයින් වාර්තා වී ඇති බවයි යුද හමුදාපතිවරයා පැවසුවේ.