කොවිඩ් රෝගයට ගොඳුරු වූ අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් රෝහලෙන් පිටවී නැවතත් ධවල මන්දිරය වෙත පැමිණ තිබෙනවා. මෙහි විශේෂත්වය වන්නේ පූර්ණ සුවය ලැබීමෙන් තොරවයි ඔහු මෙලෙස ධවල මන්දිරයට පැමිණ තිබෙන්නේ.
ධවල මන්දිරයට පැමිණ ඔහු මාධ්‍ය වෙත අදහස් දැක්වුවා.
“එයට ඔබව පාලනය කරන්න ඉඩ තබන්න එපා. බිය වන්න එපා. අප මේ අභියෝගයට මුහුණ දෙමු” යනුවෙන්.

