මේ මස පැවැත්වීමට නියමිතව තිබෙන 05 වසර ශිෂ්‍යත්ව විභාගය සහ උසස් පෙළ විභාගය සම්බන්ධයෙන් විභාග කොමසාරිස් ජනරාල් බී. සනත් පුජිත් මහතා ප්‍රකාශයක් කර තිබෙනවා.
ඒ, අනුව පෙර දැනුම් දුන් දිනයන්වලම විභාග පැවැත්වීමට විභාග දෙපාර්තමේන්තුව කටයුතු යොදා ඇති බවයි ඔහු සඳහන් කරන්නේ.
එමෙන්ම මේ දක්වා විභාග පැවැත්වෙන දිනයන් වෙනස් කිරීමක් සම්බන්ධයෙන් අදහස් කර නොමැති බවද ඔහු කියා සිටියා.

