මෙරට කොවිඩ් කමිටුව හෝ සෞඛ්‍ය අංශ නිර්දේශ කරන්නේ නම් ඕනෑම අවස්ථාවක කටුනායක ගුවන් තොටුපළ විවෘත කළ හැකි වුවත් ලොව පවතින තත්ත්වය හමුවෙ ගුවන් තොටුපළ විවෘත කිරීම 2021 මුල වුවද විය හැකි බව අමාත්‍ය ප්‍රසන්න රණතුංග පවසනවා.
එහෙත් විදේශගත ශ්‍රී ලාංකිකයන් මෙරටට ගෙන්වීම සාමාන්‍ය පරිදි සිදුවන බවයි අමාත්‍යවරයා කියා සිටින්නේ.
සීත සෘතුවේදී කොවිඩ් පැතිරයාම ඉහළ යා හැකි බව, ලෝක සෞඛ්‍ය සංවිධානය පවසා ඇති බවත් මේ අනුව කටුනායක ගුවන් තොටුපළ විවෘත කිරීම තවත් කල් යා හැකි බවත් අමාත්‍යවරයා සඳහන් කරනවා.

