අවුරුදු 13නේ සිසුවියකගේ නිරුවත් දර්ශන තබාගෙන සිටි 15 හැවරදී ළමයි දෙදෙනා මාට්ටු

වයස අවුරුදු 13ක බාල වයස්කාර පාසල් සිසුවියකගේ නිරුවත් ඡායාරූප සහ වීඩියෝ දර්ශන ජංගම දුරකථනයේ තබාගෙන සිටි තවත් බාල වයස්කරුවන් දෙදෙනෙක් පොලිස් භාරයට ගෙන තිබෙනවා.

මිනුවන්ගොඩ පොලිසිය විසින් ඊයේ (24) සිය භාරයට ගෙන ඇත්තේ 15 හැවිරිදි පිරිමි ළමුන් දෙදෙනෙක්.

තම දියණියගේ නිරුවත් ඡායාරූප සහ වීඩියෝ දර්ශන අසල්වැසි ළමයින් දෙදෙනෙකු ඔවුන්ගේ ජංගම දුරකථනයේ තිබී තවත් අසල්වැසි ළමයෙකුට පෙන්වා ඇති බවට මවක් විසින් මිනුවන්ගොඩ පොලිසියට කරන ලද පැමිණිල්ලකට අනුවයි මෙම බාල වයස්කරුවන් දෙදෙනා පොලිස් භාරයට ගෙන ඇත්තේ.

අනතුරුව පොලිසිය විසින් එක් සැකකරුවෙකුගේ ජංගම දුරකථනය පරික්ෂා කිරීමේදී එහි තිබී අදාල පාසල් සිසුවියගේ නිරුවත් ඡායාරූප 20ක් සහ වීඩියෝ දර්ශනයක් සොයා ගැනීමට හැකිව තිබෙනවා.

සැකකරුවන්ගෙන් කළ ප්‍රශ්න කිරීම වලදී ඔවුන් දෙදෙනා පොලිසිය හමුවේ පවසා ඇත්තේ බාලවයස්කාර දැරිය, ඇයගේ නිවසේ නාන කාමරය තුල දිය නාන අවස්ථාවල දී ඇයට හොරෙන් මෙලෙස ඡායාරූප ලබාගත් බවයි.

සැකකාර බාල වයස්කරුවන් දෙදෙනා මිනුවන්ගොඩ මහෙස්ත්‍රාත් අධිකරණය හමුවට ඉදිරිපත් කිරීමට නියමිත බවයි පොලිසිය සඳහන් කළේ.