නිව් ඩයමන්ඩ් නෞකාවෙන් මුහුදට කාන්දු වී ඇත්තේ දැවි තෙල් බවට හඳුනාගෙන තිබෙනවා.
ඉන් අනතුරුව එම කාන්දුවට හේතුවූ සිදුරු නාවික හමුදා කිමිදුම්කරුවන් යොදවා වසා දැමීමට පියවර ගෙන තිබෙනවා.
තවද, කිිමිදුම්කරුවන් යොදවා සිදුකළ නිරීක්ෂණයේදී අනාවරණ වී ඇත්තේ නෞකාව තුළට මුහුදු ජලය ලබාගන්නා විවර දෙකකට සම්බන්ධ අභ්‍යන්තර නළ පද්ධතියකට හානිවී ඇති බවයි.

