කොරෝනා වෛරසය ආසාදිතව ප්‍රතිකාර ලබමින් සිටි 18 දෙනෙක් සුවය ලබා රෝහල්වලින් පිටව ගොස් ඇති බව සෞඛ්‍ය අංශ පවසති.
ඒ අනුව, මෙතෙක් සුවය ලබා ඇති ආසාදිතයින් ගණන 2907කි.
පසුගිය ජනවාරි මස සිට මේ දක්වා මෙරටදී හඳුනාගෙන ඇති කොරෝනා ආසාදිතයින් ගණන 3,111ක් වේ.
රෝගීන් 192ක් රෝහල්ගතව ප්‍රතිකාර ලබන බව ද වසංගත රෝග විද්‍යා අංශය පැවසීය.

