තවත් ඉන්දීය ඇමතිවරයෙකුට කොරෝනා

ඉන්දීය රජයේ තවත් කැබිනට් අමාත්‍යවරයෙකුට කොවිඩ්-19 වෛරසය ආසාදනය වී තිබේ.

එරට ජල සම්පාදන අමාත්‍යවරයා වන 52 හැවිරිදි ගජේන්ද්‍ර සිං හට මෙලෙස වෛරසය ආසාදනය වී ඇති බව වාර්තා වේ.

ඒ අනුව මේ වන විට ඉ න්දීය රජයේ අමාත්‍යවරුන් 06 දෙනෙකුට වෛරසය ආසාදනය වී ඇති බව ඉන්දීය මාධ්‍ය වාර්තා කළේය.