තවත් කොරෝනා ආසාදිතයින් 79ට සුවයි – ප්‍රතිකාර ලබන ගණන 134 යි

කොරෝනා ආසාදිතයින් 79 දෙනෙක් පූර්ණ සුවය ලබා ඇතැයි සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි.

ඒ අනුව මෙරට සුවය ලැබු සමස්ථ ආසාදිතයින් ගණන 2755ක් දක්වා ඉහළ ගොස් ඇත. කන්දකාඩු ප්‍රතිකාර මධ්‍යස්ථානයේ රැඳී සිටි 72 දෙනෙකු සහ වැලිකන්ද මූලික රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටි 7 දෙනෙකු මෙලෙස පූර්ණ සුවය ලබා ඇති බව වසංගත රෝග විද්‍යා අංශය සඳහන් කළේය.

මෙරට සමස්ථ කොවිඩ් නයින්ටීන් රෝගීන් ගණන 2900ක්.

රෝහල්ගතව ප්‍රතිකාර ලබන සංඛ්‍යාව 134 දක්වා අඩු වී ඇති බව වසංගත රෝග විද්‍යා අංශය පැවසුවේය.