හෙට කොළඹට ජල කප්පාදුවක්

හෙට (15) දිනයේ කොළඹ ප්‍රදේශ කිහිපයකට ජල සැපයීම අත්හිටුවන බව ජල සම්පාදන හා ජලාපවාහන මණ්ඩලය පවසයි.

ඒ අනුව හෙට දිනයේ කොළඹ 13, 14, 15 යන ප්‍රදේශවලට පස්වරු 8 සිට පැය 9 කාලයක් ජල සැපයුම අත්හිටුවන බව වාර්තා වේ.