රනිල් වික්‍රමසිංහ නායකත්වයෙන් ඉල්ලා අස් වෙයි

එක්සත් ජාතික පක්ෂය නායකත්වයෙන් රනිල් වික්‍රමසිංහ මහතා ඉවත් වීමට තීරණය කර තිබෙනවා.

තවද, එම තනතුර සඳහා රවී කරුණානායක, දයා ගමගේ, අකිල විරාජ් සහ වජිර අබේවර්ධන යෝජනා කර තිබෙනවා.

නමුත් ඒ පිළිබඳව අවසන් තීරණයක් මෙතෙක් ප්‍රකාශ කර නැහැ.

එමෙන්ම, පක්ෂ කෘත්‍යාධිකාරී මණ්ඩලය මගින් සුදුස්සා තෝරාපත් කරගැනීමට නියමිතයි.