ආසාදිතව සිටි කොරෝනා රෝගීන් 2537 සුවයි

ඊයේ දිනයේ හඳුනාගැණුනු රෝගීන් අතර විදෙස්ගතව පැමිණි පුද්ගලයින් තිදෙනෙක් විය. ඒ, එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ සිට පැමිණි පුද්ගලයින් දෙදෙනෙකු සහ චෙන්නායි සිට පැමිණි පුද්ගලයෙකි.

රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව සඳහන් කළේ නිරෝධායනයට වෙමින් සිටි සේනපුර පුනරුත්ථාපන මධ්‍යස්ථානයේ රැඳවියෙකු සහ කන්දකාඩු පුනරුත්ථාපන මධ්‍යස්ථානයේ කොවිඩ් රෝගියෙකුගේ ආශ්‍රිතයෙකු ද කොවිඩ්-19 ආසාදිතයින් ලෙස ඊයේ දිනයේදී හඳුනාගත් බවය.

ඒ අනුව. මේ වන විට කොවිඩ්-19 රෝගීන් 291 දෙනෙකු රෝහල් ගතව ප්‍රතිකාර ලබන බව සෞඛ්‍ය අමාත්‍යාංශය සඳහන් කළේය.

ආසාදිතව සිටි පුද්ගලයින් 2537 දෙනෙකු සුවය ලබා මේ වන විට රෝහල්වලින් පිටව ගොස් තිබේ.