වැලිකඩ තවත් රැඳවියෙකුට කොරෝනා බව තහහුරු වෙයි

වැලිකඩ බන්ධනාගාරයේ තවත් රැඳවියෙකුට කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බවට තහවුරු වී තිබෙනවා.

ඒ අනුව ඊයේ (26) මෙරටින් හඳුනා ගැනුණු කොරෝනා ආසාදිතයින් 12 දෙනා අතර එම රැඳවියා ද වනවා.

එම රැඳවියා වැලිකඩ බන්ධනාගාරයේ සිට බූස්ස බන්ධනාගාරය වෙත මාරුකර යැවීමට නියමිතව සිටි අයෙකු බවයි වාර්තා වන්නේ.

කෙසේවෙතත්, වැලිකඩ බන්ධනාගාරයට ගෙන ඒමට පෙර එම රැඳවියා ගාල්ල බන්ධනාගාරයේ රඳවා තිබෙනවා.

මේ වන විට ගාල්ල බන්ධනාගාරයේ රැඳවියන් ඇතුළු නිලධාරීන් 200 ක් පමණ PCR පරීක්ෂණ සඳහා යොමු කිරීමට ද සෞඛ්‍ය අංශ පියවර ගැනුණා.